රඹුක්කන නගරයේ රන් භාණ්ඩ වෙළෙදසැලක් කොල්ලකා පළාගිය සැකකරුවන් තුන් දෙනෙකු, පළාගිය මෝටර් රථය සහ රුපියල් ලක්ෂ නවයක රන් භාණ්ඩ සොරාගෙන තිබෙනවා.
කොල්ලකෑම සිදුකර දින දෙකක් ඇතුළත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීම විශේෂත්වයක්. සීසීටීවී දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් සහ රන් භාණ්ඩ අත්අඩංගුවට ගත් බවයි රඹුක්කන පොලීසිය පවසන්නේ. රඹුක්කන නගර මධ්‍යයේ පිහිටි මෙම රන් භාණ්ඩ අලෙවිසැල කොල්ලකා තිබුණේ රන් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි සැකකරුවන් තුන් දෙනෙකුයි. මෝර් රථයේ අංකය සහ තරුණයන්ගේ දර්ශන වෙළෙදසැලේ ආරක්ෂිත කැමරාවල සටහන්වී තිබුණා. ඒ අනුව ඉඹුල්ගස්දෙනිය ප්‍රදේශයේදී සැකකරුවන්,මෝටර් රථය මෙන්ම රන් භාණ්ඩ ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HLl5JQH65lw”]