රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඒවා මෙරටට රැගෙන ආ ශ්‍රී‍්‍ර ලාංකික ගුවන් මඟීන් තුන් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපොළ රේගුව සඳහන් කළේ. ඔවුන් මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් වන අතර විදේශයක නිෂ්පාදිත දුම්වැටි හතළිස් නවදහස් අටසියයක් අඩංගු කාටූන් 249 ක් ගමන් මළුවල සඟවා රැගෙනවිත් තිබෙනවා. ගුවන් තොටුපොළ රේගුවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන්නේ.