ඕස්ටේ්රලියාව සමඟ තුන් වන 20-20 තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ කඩුළු හයකින්. කාසියේ වාසිය දිනාගත් ඕස්ටේ්රලියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදිමටයි තීරණය කළේ. ඒ අනූව නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුළු 6කට ඕස්ටේ්රලියා කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 164ක්.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 19යි පන්දු හතරකදී කඩුළු හතරක් පමණක් දැවී ලකුණු 168ක් ලබාගත්තා. ඒ අනූව දෙරට අතර 20-20 තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයෙන් පසුවනවා. දෙරට අතර තරගාවලියට ටෙස්ට් තරග හතරක් ඇතුළත්. එක්දින තරග තුනක්ද පැවැත්වීමටයි සැළසුම් කර තිබෙන්නේ.