දිවයින පුරා සමෘද්ධි සංවර්ධන නිළධාරින් දහහතරදහසකට වැඩි පිරිසකට ස්ථිර පත්වීම් ලබා දෙන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
සමෘද්ධි ව්‍යාපාරයට අයත් වෘත්තිය සමිති නියෝජිතයන් හා අමාත්‍යංශ නිළධාරින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. සමෘද්ධි නිළධාරින්ගේ තනතුරුවලට අදාළ වැටුප් තල, සේවා කාලය පිලිබද ගැටලු, විශ්‍රාම වැටුප් දායකත්වය ආදි කරුණු පිලිබදව මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. සමෘද්ධි නිළධාරින් සදහා ස්ථිර පත් විම් ලබා දීම ඉදිරි සතිය ඇතුළතදී සිදු කිරිමට අමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබා දුන්නා. මිට අමතරව සමෘද්ධි කලමනාකරුවන්ට පත්විම් ලබා දිමේ ක්‍රියාවලිය රාජ්‍ය සේවා කොමිසම් සභාව මගින් සිදු වන බැවින් එම පත්විම්ද හැකි ඉක්මනින් ලබා දිමට මැදිහත් වන ලෙස අමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබා දුන්නා.