සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන් වසර 5 ක් සදහා ආදායම් බදුවලින් නිදහස් කිරීමට කටයුතු කිරීම පිලිබද ගොවි ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා.
කෘෂිකාර්මික සංවර්ධනය තුළින් අපනයන ආර්ථිකය ඉහළ නැංවිම සහ දේශිය ආහාර පරිභෝජන රටාවට ප්‍රමුඛතාව ලබා දිමේ අරමුණින් රජය වැඩපිලිවෙල රැසක් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන් වසර 5 ක් සදහා ආදායම් බදුවලින් නිදහස් කිරීමට රජය පියවර ගත්තා. මේ පිලිබද ගොවි ජනතාව ජනාධිපතිතුමන්ට සහ අග්රාමාත්යතුමන්ට සිය ස්තූතිය පළ කරනවා. පැවති බදු බර හේතුවෙන් කෘෂි ක්ෂේත්‍ර යේ කටයුතු සිදු කර ගත නොහැකිව තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ආදායම් බදු වලින් නිදහස් කිරිමට පියවර ගැනිමත් සමග යලි තම අපෙක්ෂා මල් ඵල ගැන්වු බවද ඔවුන් පවසනවා.
ගොවින්,
[ot-video type=”youtube” url=”https://youtu.be/dOpxbJGKllg”]