අනූ තුන් වන ජාතික බොක්සින් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට පන්නල සිම්ලයින් ක්‍රීඩා සමාජය සමත් වුණා.
එහි අනු ශූරතාව හිමි වූයේ යුද හමුදා බොක්සිං ක්‍රීඩා සමාජයටයි. කාන්තා අංශයේ ශූරතාව පානදුර එම් ඒ එස් යුනිචෙලා ක්‍රීඩා සාමාජය දිනා ගත්තා. ඒ අනුශූරතාව හිමි වූයේ යුද හමුදා බොක්සිං ක්‍රීඩා සමාජයටයි. තරගාවලියේ සම්මාන ප්රදානෝත්සවයේදී අවස්ථා කිහිපයකදීම වැරදි නම් ප්‍රකාශ වුණා. එල්ල වූ විරෝධතා හමුවේ වහා එම වැරදි නිවැරදී කිරීමට ජාතික බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් මහතා කටයුතු කළා.තරගාවලිය පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං වළල්ලේදීයි.