fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාමික මාධ්‍ය දැවැන්තයන්ට හරසර…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 14:00

විශ්‍රාමික මාධ්‍ය දැවැන්තයන්ට හරසර…

ශ්‍රී ලංකාවේ පුරෝගාමී හා ප්‍රධාන  මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 63වැනි සාංවත්සරික උත්සවය ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස් ආචාර්ය ශිල්පක් එන් අැඹුලේ මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 27වැනි දින පැවැත්වීමට කටයුතු සූදනම් කර තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්වේදීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ඉන්දීය ජනමාධ්‍යනේදී ෆෙඩරේෂණයේ (IFWJ) උපසභාපති හේමන්ත් තිවාරි මහතා ඇතුළු 25දෙනෙකුගෙන් යුත් ඉන්දීය, පාකිස්තාන්, බංගලාදේශ්, රුසියානු මාධ්‍යවේදීන් පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතයි.

මෙදින පැවැත්වෙන සාංවත්සරික උත්සවයේදී දැනට විශ්‍රාමික සුවයෙන් ජීවිතයේ සැදෑසමයෙන් පසුවන මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් දසදෙනෙකුට මුදල් තාග්‍ය පිරිනමා ඔවුන්ගේ සේවයට උපහාර දක්වීම සිදුකෙරේ. එම මධ්‍ය  දැවැන්තයින් මෙසේය, ආචාර්ය එඩ්වින් ආරියදාස, සුමනා නෙල්ලම්පිටිය, එස් තිලේයිනාදන්, දෙනගම සිරිවර්ධන, සීතා රංජනී, එම් ජේ එම් සරුක්, සරත් මලලසේකර, බුද්ධික කුලරත්න සහ පුරුකාන් බී ඉප්තිකාර් යන අය වේ.

දෙරටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සුහඳ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ශ්‍රීලංකා පත්‍රකලා සංගමයේ ආරාධනයෙන් සංවත්සරයට සහභාගී වන ඉන්දීය ජනමාධ්‍යවේදීන් 25දෙනාට ප්‍රසාදය පළකිරීම ද මෙම අවස්ථාවේ දී සිදුකිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 14:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්