තායිවාන ජනතාව සමලිංගික විවාහ ප්රතික්ෂේප කර තිබෙනවා. ඒ වෙනුවෙන් පැවැති ජනමත විචාරණයේ ප්රතිඑල අභියෝගයක ලක්කරමින් සමලිංගික විවාහ වලට සහාය දක්වන කණ්ඩායම් ඉහළ අධිකරණයේ පෙත්සමක් ගොණුකර තිබුණා.
එහෙත් ඒ සඳහා ද අනුමැතියක් හිමිව නැති බවයි ප්රවෘත්ති වාර්තා පෙන්වාදෙන්නේ. සමලිංගික විවාහ පිළිබද නව නීති සකස් කිරිමට වසර දෙකක කාලයක් එරට පාර්ලිමේන්තුවට ලබාදී තිබෙනවා.