fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 240කට සීමා වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 17:02

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 240කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉණිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවනවිට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 3 ක් ලබාගත්තා. මේ අනුව ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 99 ක් ඉදිරියෙනුයි ඔවුන් සිටින්නේ.

එංගලන්ත කණ්ඩායම පළමු ඉණිමේ සියලු දෙනා දැවී ලකුණු 336 ක් ලබාගත්තා. ටෙස්ට් ඉණිමක සිය හොදම පන්දු යැවීම සටහන් කරමින් ලක්ෂාන් සදකැන් කඩුලු 5 ක් දවාගත්තා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 240 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් හය දෙනෙකුට ලකුණු පහේ සීමාව පසුකර යෑමට හැකිවුණේ නැහැ. ඉණිමේ අවසන් කඩුලු හත දැවී ගියේ ලකුණු 40 ක් තුළයි. දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් හා ධනංජයද සිල්වා ලකුණු 73 ක් ඉණිනමට එක් කළා.

තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඬ ගුවන් විදුලියයි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 17:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්