අධික වර්ෂාවත් සමග නිල්වලා ගගේ කිරඹආර පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වුණා. ඌරපොල, පලොල්පිටිය, ගෝදාව ආදි ප්‍රදේශවල කුඹුරු අක්කර හයසියයකට පමණ මේ හේතුවෙන් හානි සිදු වුනා. මාර්ග රැසක් ද ජලයෙන් යට වීම නිසා වාහන ගමනාගමනයටද බාධා පැමිණුනා.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයක් ජලයෙන් යටවුණා. ඒ නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල ශ්‍රී පාද පිරිවෙන දක්වා කොටසයි. නගරයේ වෙළෙදසැල් කිහිපයක්ද, අඩි දෙකක් පමණ උසට ජලයෙන් යට වී තිබුණා.
අධික වර්ෂාවත් සමග රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක්ද විවෘත කෙරුණා. වර්ෂාව වැඩිවුවහොත් අනෙකුත් වාන් දොරටුද විවෘත කිරිමට සිදු වනු ඇති බවයි වාරි මාර්ග ඉන්ජිනේරු කාර්යාලය සදහන් කරන්නේ.