මහවිරු සැමරුමේදී එල්ටීටීඊ සංවිධානය සැමරීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළා. ඒ කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සලකා බලමින්.
යාපනය විශ්වවිද්‍යාලය තුළ මහවිරු සැමරුම් මුවාවෙන් තහනම් එල්ටීටීඊ සංවිධානය සැමරීමට උත්සාහයක් ඇති බවටයි පොලීසිය අධිකරණයට පෙන්වාදුන්නේ. කරුණු සළකා බැලූ යාපනය මහේස්ත්‍රාත් එස් සදීස්කරන් මහතා තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහවිරු සැමරුම් උත්සවයේදී එල්ටීටීඊ සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් හෝ එල්ටීටීඊ සංවිධානය ප්‍රදර්ශනය කරන ඕනෑම සැමරුමක් තහනම් බවයි අධිකරණය දැනුම් දුන්නේ.
එවැනි සැමරුමක් සිදුවන්නේ නම් නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බව කෝපායි පොලීසිය සඳහන් කළා.