fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 03 වනදා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 18:42

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 03 වනදා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 03 වනදා ආරම්භවිමට නියමිතව තිබෙනවා.

අයඳුම්කරුවන් හය ලක්ෂ 56,641 දෙනෙකු පෙනී සිටින විභාගය, දිවයින පුරා මධ්‍යස්ථාන 4661කදී පැවැත්විමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා.

විභාගය සඳහා අයදුම්කර ඇති බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ කොළඹ මැගසින් යන බන්ධනාගාරවල මෙම විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටයි පියවරගෙන තිබෙන්නේ.

විභාගයට පෙනී සිටින සියලු අයදුම්කරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර මේ වන විට යොමු කර අවසන් බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටියා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්