fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 18:00

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සාමිවරිය සමග අද(230 විශේෂ දුරකතන සංවාදයක නිරත වුණා. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයේ යෙදවීම සදහා තමන් නිරන්තරයෙන් පෙනී සිටින බවත් සෑම විටම තමා කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සමග පැවති දුරකතන සංවාදයේදී ජනාධිපතිතුමා තවදුරටත් පැහැදිලි කළේ තමා කථානායකවරයාගෙන් ඉතා පැහැදිලිව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ සම්මුතිවලට අනුකූලව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටි බවයි. එමෙන්ම ආණ්ඩුවේ පැවැත්ම තීරණය කිරීම වැනි ඉතා වැදගත් කාරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේදී මන්ත්‍රීවරුන්ගේ හඩ අනුව නොව ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය හෝ නමින් ඡන්දය විමසීම යන ආකාරවලින් තෝරා ගත් විධිමත් ක්‍රමයක් භාවිත කරන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. පොදුරාජ්‍ය මණ්ඩලයේ දීර්ඝකාලීන සාමාජිකයෙකු වශයෙනුත් ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙනුත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීම පිළිබදව සතුටු වන බව මහලේකම්වරිය මෙහිදී පවසා තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව සමග ඉදිරියේදී ද අඛණ්ඩව ඉතාමත් සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරන බවද පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සාමිවරිය මෙහිදී ජනාධිපතිතුමාට සහතික වුණා. එහිදී මහලේකම්වරිය විශ්වාසය පළ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය සාමකාමීව විසදා ගනු ඇති බවටයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්