fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඥානසාර හිමි ඇතුළු 11දෙනාට එරෙහි අභියාචනා පෙත්සම ඉල්ලා අස්කර ගනියි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 11:55

ඥානසාර හිමි ඇතුළු 11දෙනාට එරෙහි අභියාචනා පෙත්සම ඉල්ලා අස්කර ගනියි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුලු චූදතයන් 11 දෙනෙකුට එරෙහි අභියාචනා පෙත්සම ඉල්ලා අස්කරගැනීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

2008 වසරේ තලාහේන ප‍්‍රදේශයේ ආගමික ස්ථානයකට පහරදී, එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ රන් මාල දෙකක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඥාණසාර හිමි ඇතුලු චූදිතයන් 13 දෙනෙකුට චෝදනා එල්ල වුණා. කොළඹ මහාධිකරණය සැකකරුවන් නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුව අභියෝගයකට ලක්කරමින් ගොණුකළ අභියාචනා පෙත්සම නීතිපතිවරයා මෙලෙස ඉල්ලා අස්කර ගැනීමටයි කටයුතු කළේ. ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo