fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩවලව ජලාශයේ සියලුම වාන් දොරටු විවෘතයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 10:13

උඩවලව ජලාශයේ සියලුම වාන් දොරටු විවෘතයි

උඩවලව ජලාශයේ සියලුම වාන් දොරටු අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා. අලුයම සිට වාන් දොරටු විවෘත කර ඇති බවයි මහවැලි අධිකාරිය ප‍්‍රකාශ කළේ.

උඩවලව ජලාශයේ පෝෂක ප‍්‍රදේශ වලට අධික වැසි ලැබීම හේතුවෙන් ජල මට්ටම ඊයේ රාතී‍්‍ර වනවිට අක්කර අඩි දෙලක්ෂ විසිතුන් දහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ වලවේ ගඟ දෙපස ජනතාව වඩා අවධානයෙන් කටයුතු කළයුතු බව මහවැලි අධිකාරිය දැනුම් දෙනවා. වැඩිම බලපෑමක්අම්බලන්තොට ප‍්‍රදේශයට එල්ලවිය හැකි බවයි එම අධිකාරිය පෙන්වාදෙන්නේ.

මේ අතර ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ දඹුල්ල, කණ්ඩලම, උණපඳුර යාය ප‍්‍රදේශයේ ජලගැලීමක් සිදුවුණා. ඉන් ඊයේ රාතී‍්‍ර නිවාස 25 ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබෙනවා.

ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් අද අලුයම තෙක් පැවැති බවයි දඹුල්ල ජීවිත ආරක්ෂක සංගමය ප‍්‍රකාශ කළේ.ජල ගැලීමෙන් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා.

ආපදාවට පත් පිරිසට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා බවයි දඹුල්ල ප‍්‍රදේශ්‍රීය ලේකම් කාර්යාලය පවසන්නේ. අවතැන්වූ ජනතාව විහාරස්ථානයක රඳවා සිටිනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්