සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ සම්බන්ධයක් පවතින බව CIA ආයතනය පවසා නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එවැනි ඝාතනයක් සදහා සල්මාන් කුමරුගේ අනුග්‍රහය අවශ්‍ය බවට උපකල්පනය කිරීමක් පමණක් CIA ආයතනය සිදුකර ඇති බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. එම වාර්තාව තමන් සතුව පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියාසිටියා.
එම වාර්තාවෙන් අදාළ ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරු සම්බන්ධ බවට නිගමනයකට පැමිණ නොමැති බව ඇමෙරිකා ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළා.