නිවාස අමාත්‍යවරයා ලෙස 2012 වසරේ දී ආරම්භ කළ මොරටුව ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් දී තිබෙනවා.
ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලීම සදහා අමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් පසුගිය කාලයේ නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නැහැ. ප්‍රජා ශාලාවක්, සාප්පු සංකීර්ණයක්, පෙර පාසලක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඇතුළු අංග රැසකින් යුක්තව මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරෙනවා. ඉහළ ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම් කඩිනමින් අවසන්කර නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කරන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.