කොළඹ රක්ෂිත බන්ධනාගාරයෙන් සැකකරුවෙකු මුදාගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වුණා.
බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස් වළාගෙන ව්‍යාජ බන්ධනාගාර බස් රථයකින් පැමිණි පිරිසක් ඔහු මුදාගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් සහාකාර බන්ධනාගාර අධීකාරීවරයකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකයි. ඉදිරියේදී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණය මහතා ප්‍රකාශ කළා.