fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය ටෙස්ට් කි‍්‍රකට් බලාපොරොත්තුව ගැන කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 10:13

එංගලන්තය ටෙස්ට් කි‍්‍රකට් බලාපොරොත්තුව ගැන කියයි

ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක බවට පත්වීම කණ්ඩායමේ අරමුණ බව එංගලන්ත කි‍්‍රකට් නායක ජෝ රූට් ප‍්‍රකාශ කළා.

ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි පැවැති තරඟ දෙකම ජයගැනීමට ඔවුන්ට හැකිවුණා. තුන්වන තරඟය ද ජයග‍්‍රහණය කිරීමයි අරමුණයි. ඒ සඳහා පූර්ණ විශ්වාසයකින් කණ්ඩායම තරඟයට ඉදිරිපත් වන බවයි ජෝ රූට් සඳහන් කළේ. මේ වනවිට එංගලන්ත කණ්ඩායම ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ තුන්වන ස්ථානයේ. එහි පළමු ස්ථානය ඉන්දියාවට හිමිව තිබෙනවා. දෙවන ස්ථානයේ පසුවන්නේ දකුණු අපි‍්‍රකාවයි. කෙසේවෙතත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානයේ රැඳීසිටීමට එංගලන්ත කණ්ඩායමට හැකිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 10:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්