හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ජනාධිපතිතුමා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුලු කිහිප දෙනෙකු ඝාතනයට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටියා.
නාලක ද සිල්වා මහතා සමග ඉන්දීය ජාතික මර්සලි තෝමස් යන අය ද 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. හෙරොයින් ජාවාරම් සැකකරුවෙකු සමග ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරියෙකු සම්බන්ධතා පවත්වා ඇති බවත් එම පුද්ගලයා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිටින බවත් රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. ඔහු ළඟ තිබී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකුගේ ඡායාරූප දෙකක් හමුවී තිබෙනවා. ඔවුන් දීර්ඝ කාලයක් සම්බන්ධතා පවත්වා ඇති බවට විමර්ශවලින් හෙළි වූ බවයි රහස් පොලීසිය දැනුම් දුන්නේ. එම සැකකරු බන්ධනාගාරයේ සිටින මධුෂ් නමැත්තා සමග ද සම්බන්ධතා පවත්වා ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව රහස් පොලීසිය කියාසිටියා. ඒ සඳහා අධිකරණය අවසර ලබා දුන්නා. මෙම සිද්ධියට අදාළ ලිඛිත දේශන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද ඉදිරිපත් කළා. ඉන්දීය ජාතික සැකකරු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂන් සභාවෙන් ලබාගත් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.