ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත සහ ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසදය සංවිධාන කළ කිතු අභිමන් සාහිත සම්මාන 2018 ලේඛක සහ ජන සන්නිවේදන සම්මාන උළෙල මරදාන ශාන්ත ජෝෂප් ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානණ්ගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. වසර 153 ක ඉතිහාසයක් සහිත ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත මෙවන් සම්මාන උළෙලක් පැවැත්වූයේ ප්‍රථම වතාවටයි. විවිධ කිතුනු ග්රන්ථ සදහා ලේඛක ලේඛිකාවන් තිස් දෙනෙකු ඇගයීමට ලක් කෙරුණා. ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මාන පිරිනැමුනේ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ට, ගරු මොල්ලිගොඩ මෝසස් පෙරේරා පියතුමන්ට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී පුෂ්පා රොවෙල් මහත්මියට සහ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා මහතාටයි. ස්වාධීන රූපවාහිනී සේවයේ අජිත් ජයවර්ධන මහතා ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද මෙහිදී ඇගයීමට ලක් වුණා.