fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ බස් අනතුරකින් 10 දෙනෙකු ජීවීතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 16:20

ඉන්දියාවේ බස් අනතුරකින් 10 දෙනෙකු ජීවීතක්ෂයට

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවීතක්ෂයට පත් වුණා.

අනතුරෙන් පුද්ගලයන් 46 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ දී බස් රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර රියදුරුට එය පාලනය කරගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ සමග බස් රථය වැටී ඇත්තේ  අඩි තිහක් පමණ පහළින් පිහිටි වියලී ගිය ගංගාවකටයි.  ඉන්දියාවේ මාර්ග අනතුරු වැඩි වශයෙන් සිදු වනවා. අනතුරු හේතුවෙන් පැයකට ජීවිත 17 කට ආසන්න ප්‍රමාණයක් බිලිවන බවයි එරට රජයේ ඉදිරිපත් කළ වාර්තාවක් හෙලි කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්