fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆේස් බුක් මගින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 15:59

ෆේස් බුක් මගින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ෆේස් බුක් මගින් සම්බන්ධ වී ජංගම දුරකතන ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. මොහොමඩ් හිල්මි මොහොමඩ් යාසීර් නමැති මෙම සැකකරු මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරු මීගමුව, ජා ඇල, කොළඹ හා තවත් ප්‍රදේශවල පුද්ගලයින් රවටා ජංගම දුරකතන ලබා දෙන බව පවසා මුදල් වංචා සිදුකර ඇති බව හෙළිව තිබෙනවා. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්