fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නුවරවැවේ ජල කාන්දුවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 15:44

නුවරවැවේ ජල කාන්දුවක්

අනුරාධපුර නුවරවැව වාන් මට්ටමට පැමිණීමත් සමග වැව් බැම්මේ ස්ථාන කිහිපයකින් ජලය කාන්දුවීමට පටන් ගෙන තිබෙනවා.

පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමග නුවර වැවේ ජල මට්ටම ඉහළ ගියා. වැව් බැම්මේ දිය සීරාවක් වශයෙන් පැවති තත්ත්වය මේ වන විට ජල කාන්දුවක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.  නුවර වැව අවට පදිංචිකරුවන් හා අනුරාධපුර නගරයේ ජනතාව ද මේ හේතුවෙන් අවදානමක පසුවන බව අප වාර්තාකරු පවසනවා. නුවර වැවේ අක්කර අඩි 36049 ක ජල ධාරිතාවක් පවතිනවා. අනුරාධපුර නගරය හා පූජා භූමිය පිහිටා තිබෙන්නේ ද වැවේ පහත්බිම් ප්‍රදේශයේයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 15:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්