ඉන්දුනීසියාවේ වෙරළ තීරයකට ගොඩ දැමූ මියගිය තල්මසෙකුගේ සිරුරක තිබී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් හයක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
ඉන්දුනීසියාවේ කපෝටා දිවයිනේ වෙරළ තීරයකට මෙම තල්මස් සිරුර ගොඩගසා තිබුණා. එම සත්වයා අඩි තිස් එකකට වැඩි දිගකින් යුක්තයි. එරට සත්වවේදීන් පවසන්නේ එම සත්වයාගේ උදරයේ තිබී පොලිතින් බෑග් අසූවක්, ප්ලාස්ටික් බෝතල්, සෙරෙප්පු කැබලි සහ ප්ලාස්ටික් කෝප්ප එකසිය පහළොවකට ආසන්න ප්‍රමාණයක් මෙන්ම කුඩා ප්ලාස්ටික් කැබලි දහසකට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවයි. 2015 වසරේ නිකුත් වූ වාර්තාවකට අනුව සෑම වසරකම සියයට පනහක පොලිතින් ප්‍රමාණයක් පරිසරයට නිකුත් කෙරෙනවා. මේ හේතුවෙන් සාගර ජීවීන් විශාල සංඛ්‍යාවක් විනාශවීමේ අවදානමක් පවතිනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගර ජලයට වැඩියෙන්ම නිකුත් කරන්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාම යන රටවල්.