fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිනවුන් ක්‍රීඩා සමාජය පරදවා පොලිස් පාපන්දු කණ්ඩායම ජය ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 15:22

රිනවුන් ක්‍රීඩා සමාජය පරදවා පොලිස් පාපන්දු කණ්ඩායම ජය ගනී

එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ රිනවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට පොලිස් පාපන්දු කණ්ඩායම සමත්වුණා.

කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරගය උණුසුම් මුහුණුවරක් ගත්තා. කණ්ඩායම් දෙකම තරගය සියතට ගැනීමට දැඩි උත්සාහයක නිරත වුණා. එහෙත් නියමිත කාලය අවසන් වන තුරු කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකිවූයේ නැහැ. මේ අනුව තරගයේ ජයග්‍රහණය තීරණය කළේ දඩුවම් පහර මගින්. එහිදී එක් දඩුවම් පහරක් පමණයි රිනවුන් ක්‍රීඩා සමාජයට සාර්ථක කර ගැනීමට හැකිවුනේ. ගෝල 03 ක් සාර්ථක කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පොලිස් පාපන්දු කණ්ඩායම සමත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 15:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්