fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයිනේ සිරගතව සිටින ලහිරුට නිදහස් වීමේ බලාපොරොත්තුවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 12:40

මාලදිවයිනේ සිරගතව සිටින ලහිරුට නිදහස් වීමේ බලාපොරොත්තුවක්

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතන තැතක් සම්බන්ධයෙන් සැකපිට වසර 3 ක් කිසිදු නඩු විභාගයකින් තොරව මාලදිවයිනේ සිරගතව සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ලහිරු මධුශංඛ නිදහස් කිරීමට මාලදිවයින් රජයේ අවධානය යොමුව තිබෙනවා.

ලහිරු මධුශංඛ වසර 3 ක් මාලදිවයිනේ සිරගතව සිටියත් ඔහු වෙනුවෙන් මේ වන තෙක් කිසිදු නඩු විභාගයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා රජයත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයත් කිහිප වරක් ලහිරු මධුශංඛ නිදහස් කරන ලෙස  ඉල්ලීම් කර තිබුණා. එහෙත් මාලදිවයින් පැවති රජයෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

එහෙත් නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වූ අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මේ සම්බන්ධයෙන් එරට නීතිපතිවරයා සහ ස්වදේශ කටයුතු ඇමතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුවයි ලහිරුට නිදහස් වීමේ බලාපොරොත්තුවක් මතුව තිබෙන්නේ.

තම පුත්‍රයා නිදහස් කර ගැනීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මව අප සමග මෙසේ අදහස් පළ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්