fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික බොක්සිං ශූරතාවලියේ දෙවන වටයේ තරග අදත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 09:02

ජාතික බොක්සිං ශූරතාවලියේ දෙවන වටයේ තරග අදත්

93 වන ජාතික බොක්සිං ශූරතාවලියේ දෙවන වටයේ තරග කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා පිටියේදී අදත් පැවැත්වෙනවා.

මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 81 ක් එක්ව සිටිනවා. ඒ බොක්සිං ක්‍රීඩා සමාජ 09ක් හා පාසල් ක්‍රීඩා සමාජ දෙකක් යටතේයි. ඔවුන් කාන්තා හා පිරිමි බර පන්ති 10 ක් යටතේ බොක්සිං වළල්ලට පිවිසීමට නියමිතයි. දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සදහා සංචිත ගත කිරීමට සැලසුම් කර තිබෙනවා. ලබන 23 වැනිදා නිමාවට පත්වීමට නියමිත තරගාවලියේ විනිසුරුවරුන් ලෙස එක්ව ඇත්තේ විදෙස් විනිසුරුවන් වීම කැපී පෙනෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 09:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්