ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු පන්දු වාර විස්ස තරගය අද (21) පැවැත්වෙනවා. ඒ බි්රස්බේන්හිදි. ඉන්දියාවට දැඩි අභියෝගයක් එල්ල කිරිමට සූදානම් බවයි ඕස්ටේ්රලියා නායක ඇරොන් ෆින්ච් පවසන්නේ. පූර්ණ විශ්වාසයකින් තරගයට ඉදිරිපත් වන බව ඉන්දියාව ප්‍රකාශ කළා. දෙරට අතර පැවැත්වෙන පන්දු වාර විස්සේ තරග සංඛ්‍යාව තුනක්. ටෙස්ට් ක්‍රිකට් තරග හතරක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. එක් දින ජාත්‍යන්තර තරග දෙකක් ද තරගාවලියට ඇතුළත්.