fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයට මුදල් වෙන අපේ සම්පත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 17:05

චීනයට මුදල් වෙන අපේ සම්පත්

පසුගිය රජය ජාතික සම්පත් විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි විදුලි බලාගාර භූමියට පසුගිය වසරේ රුපියල් මිලියන 30 ක බදු මුදලක් ශ්‍රී ලංකා රජය චීනයට ගෙවා තිබෙනවා. අපේ ඉඩම්වලට චීනයට බදු ගෙවීමට තරම් අවාසනාවන්ත තත්ත්වයට රට පත් කිරීමට පසුගිය රජය ක්‍රියා කළා.

1999 වසරේ හම්බන්තොට සුළං විදුලි බලාගාරය ආරම්භ කළේ දිනෙන් දින ඉහළ යමින් පවතින විදුලි අවශ්‍යතාව සපුරා ලීමේ එක් අදියරක් ලෙසයි. මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය වන මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක්. හෙක්ටාර 17 කින් සමන්විත මෙම විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයකින් කිලෝවොට් 600 ක් නිෂ්පාදනය කෙරුණා. පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට පැවරීමත් සමග විදුලි බලාගාරය පිහිටි භූමිය ද චීනය සතු වුණා. වරාය මිලදී ගැනීමෙන් පසු අදාළ චීන සමාගම දැනුම් දුන්නේ විදුලි බලාගාරය ගලවා ඉවත් කරන ලෙසයි. ඒ එම ස්ථානයේ චීන ජාතිකයින් සඳහා නිවාස ඉදිකිරීම වෙනුවෙන්. මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය 15 වනදා සිට මෙම ජනන යන්ත්‍ර සියල්ල ගලවා ඉවත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. ඒ වන තෙක් අදාළ භූමියේ විදුලි බලාගාරය පවත්වාගෙන යාම හේතුවෙන් හම්බන්තොට වරාය මිලදීගත් චීනයට රුපියල් මිලියන 30ක් බදු ලෙස ගෙවිමට ශ්‍රී ලංකා රජයට සිදුවුණා. එහිදී වර්ග අඩියක් වෙනුවෙන් චීනයට ඇමෙරිකා ඩොලර් එකක් බැගින් ගෙවීමටයි සිදුවුණේ. අපේ රටේ භූමිය වෙනුවෙන් බදු ගෙවීමට තරම් රට විදේශයන්ට පසුගිය කාලයේ උකස් කළ අයුරු මෙයින් පැහැදිලි වනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 17:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්