fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකිල වෙනුවට නිශාන් පීරිස්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 17:06

අකිල වෙනුවට නිශාන් පීරිස්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට දග පන්දු යනව ක්‍රීඩක නිශාන් පීරිස් එක්කර තිබෙනවා. ඒ අකිල ධනංජය වෙනුවටයි.

අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 23 වනදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේදී ආරම්භ කිරීමට නියමිතයි. තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක් වුණා. මේ හේතුවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුට අහිමි වුණා. එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සුරංග ලක්මාල්. දෙරට අතර පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් කිරීම සදහා ශරීර යෝග්‍යතා පරීක්ෂණය ඊයේ (19)  පැවැත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

මේ අතර පන්දුයෑමේ ඉරියව්ව පරීක්ෂා කිරීමට අකිල ධනංජය අද (20) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බිස්බෙන් ජාතික ක්‍රිකට්  පුහුණු මධ්‍යස්ථානයේදී අකිල ධනංජයගේ ඉරියව්ව ලබන 23 වනදා පරීක්ෂා කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 17:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්