fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි අරාබියේ රාජකීය පවුල තුළ මතභේදාත්මක තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 15:54

සෞදි අරාබියේ රාජකීය පවුල තුළ මතභේදාත්මක තත්ත්වයක්

සෞදි අරාබියේ රාජකීය පවුල තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතන සිද්ධියෙන් පසුව එරට රජ පවුලේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු එරට රාජ්‍යත්වයට පත්වීම සම්බන්ධයෙන් ගැටලු මතු වී තිබෙනවා. අන්තර් ජාතික වශයෙන් සෞදි අරාබියට එල්ල වූ චෝදනා හමුවේ මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට සෞදි අරාබියේ රාජ්‍යත්වය දරන්නේ සල්මාන් රජුයි. ඔහුගේ අභාවයෙන් පසුව බින් සල්මාන් කුමරුට රාජ්‍යත්වය හිමිවීමට නියමිතයි. දැනට පවතින තත්ත්වයට අනුව සල්මාන් රජුගේ සොහොයුරෙකු වන අහමඩ් බින් අබ්දුලාසීස් මී ළග රාජ්‍යයත්වයට පත් කිරීමට සෞදි රාජකීය පවුලේ කිහිප දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 15:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්