fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලිය ලබන 30

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 15:19

ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලිය ලබන 30

26 වන ජාතික ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලිය ලබන 30 වැනිදා පානලුව ක්‍රීඩා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියට ක්‍රීඩා සමාජ 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කට අධික පිරිසක් එක්වනු ඇතැයි ජාතික රයිෆල් සංගමය බලාපොරොත්තු වනවා. ඔවුන් කනිෂ්ඨ, ජේෂ්ඨ හා පූර්ණ ජේෂඨ ලෙස කාන්තා හා පිරිමි අංශ යටතේ තරග බිමට පිවිසෙනු ඇති. තරගාවලියේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිපීනයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රලේසියා තරගාවලියට තෝරා ගැනීමට නියමිතයි. ජාතික රයිෆල් සංගමයේ සභාපති රියර් අද්මිරාල් නිරාජ් ආටිගල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තරගාවලිය ජාත්‍යන්තර නිර්නායක යටතේ පැවත්වන බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 15:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්