fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්දිමාල් යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 13:08

චන්දිමාල් යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කෙරේ

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ශරීර යෝග්‍යතා පරීක්ෂණයක්  සදහා යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්විමට නියමිත තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 23 වනදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේදී ආරම්භ කිරීමට නියමිතයි. තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක් වුණා. මේ හේතුවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුට අහිමි වුණා. එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සුරංග ලක්මාල්. දෙරට අතර පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් කිරීම සදහා ශරීර යෝග්‍යතා පරීක්ෂණය ඊයේ  පැවැත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. කෙසේ වෙතත් එහි ප්‍රතිඵල මෙතෙක් නිවේදනය කර නැහැ. තරගයේ තණතීරුව පිතිකරුවන්ට වැඩි සහායක් ලබා දෙන ලෙස සකස් කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් මත පල කරනවා.  මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබද සැහීමට පත්විය නොහැකි බවයි. ඉදිරියේදී ඔවුන් දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පල කරනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 13:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්