fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෙලීනා ගෝමස් නව දිවියකට සූදානම්…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 13:03

සෙලීනා ගෝමස් නව දිවියකට සූදානම්…

ලෝ ප්‍රකට දක්ෂ යොවුන් ගායික මෙන්ම සුරූපි නිළියක වන සෙලීනා ගෝමස් පසුගිය කාලයේ මාධ්‍ය හමුවේ දකින්න ලැබුණේ නැහැ. එයට හේතුව මානසික ප්‍රතිකාර ලබාගැනීම බව හොලිවුඩයෙන් ආරංචි ගෙන ආවා. කාලයක් ඇය ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීම වෙනුවෙන් ප්‍රතිකාර ලබාගත්තා. එහිදී ඇයට වකුගඩුවක් පවා බද්ධ කරන්නට සිදු වුණා. සෙලීනා වෙනුවෙන් වකුගඩුවක් පිරිනැමුයේ ඇයගේ හොඳම මිතුරිය ෆ්‍රැන්සියා.

දිගින් දිගටම කළ ප්‍රතිකාර සහ රෝහල්ගත වීම් 26 හැවිරිදි සෙලීනාගේ මානසිකත්වය ඇද වැටෙන්නට ලොකු හේතුවක් වෙලා. ඒ වෙනුවෙන් පවා රෝහල් ගත වී සිටි ඇය දැන් සිය නිවෙසට ඇවිත්. දැන් ඇය ශාරීරිකව මෙන්ම මානසිකවද සුවයෙන් සිටින බව ආරංචියි. අතීතයේ වේදනාබර සිදුවීම් අමතතක කර දමා දැන් ඇය අලුත් ජීවිතයකට හුරු වෙමින් සිටින බව ඇයගේ ළඟම හිතවතුන් පවසනවා. ඒ වෙනුවෙන් ඇයට වෛද්‍ය උපදෙස් පවා ලැබී ඇති බවත් සැළයි. මේ සෑම දෙයක්ම නිසා ඇය සමාජ මාධ්‍යයන්ගෙන් පවා දුරස් වී සිටියා පමණක් නොව 2015 වසරෙන් පසුව ගීත ඇල්බමයක් නිකුත් කළේ නැහැ. ඇය මේ වසරේදී නැවත ගීත ඇල්බමයක් නිකුත් කිරීමටයි සූදානමින් සිටින්නේ.

එපමණක් නොව සෙලීනා ගෝමස්  මේ වසරේදී විවාහ වීමටත් සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ…

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්