fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විග්නේෂ්වරන් දෙමල සන්ධානයට සහාය නොදීමේ දැඩි ස්ථාවරයක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 12:03

විග්නේෂ්වරන් දෙමල සන්ධානයට සහාය නොදීමේ දැඩි ස්ථාවරයක

කිසිදු හේතුවකට හෝ තම පක්ෂය වෙනත් දේශපාලන පක්ෂයකට සහාය නොදක්වන බව උතුරු පලාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කළා. තමන් වෙනම දේශපාලන පක්ෂයක් බිහිකරගත්තේ ජනතා අවශ්‍යතා මත බවයි ඔහු පෙන්වා දුන්නේ.

එවැනි දේශපාලන පක්ෂයක් වෙනත් පක්ෂයකට එකතු කිරිමට තමන් කිසිසේත් සුදානම් නැතැයි ද විග්නේෂ්වරන් මහතා සදහන් කළා. ඒ යාපනය පලාලි පාරේ කන්දමඩම් ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. සියලුම දෙමල දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බවට ආර් සම්බන්ධන් මන්ත‍්‍රිවරයා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිලිබදව විග්නේෂ්වරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් දෙමල ජනතා සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මතුවූ ප‍්‍රශ්නයකට පිලිතුරුදෙමිනුයි ඔහු මේ අදහස් පළකළේ. දෙමල ජාතික සන්ධානය මේවන විට අර්බුදයකට මුහුණ දී ඇති බවත්, සී වී විග්නේෂ්වරන් මහතා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්