ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිදු කළ ප්රකාශයක් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් දැඩ වේවේනයට ලක් කර තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපතිවරයා චෝදනා කළේ පාකිස්ථානය ත්රස්තවාදීන්ට සහාය දක්වන බවයි. ඔසාමා බිල්ලාඩන් සැගවී සිටින ස්ථානය පාකිස්ථාන බලධාරීන් දැන සිටි බවත් ඇමෙරිකාවේ පවතින ත්රස්තවාදයට එරෙහිව සහාය නොදක්වන බවත් ට්රම්ප් ජනාධිපතිවරයා මීට පෙර චෝදනා කළා. ඊට ප්රතිචාර දක්වමින් පාක්ස්ථාන අගමැතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා තමන්ව දැනුවත් කළ යුතු බවයි. ඇෆ්ගන් මෙහෙයුම්වලදී ඇමෙරිකාවේ අසාර්ථක විම් තම රට වෙත පැටවීමට ට්රම්ප් ජනාධිපතිවරයා කටයුතු කරන බවද ඔහු ප්රකාශ කළා. මුදල් විශාල ප්රමාණයක් වැය කරමින් අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සිදු කළ ද තලෙයිබාන් සටන්කාමීන් පෙරට වඩා ප්රබලව සිටින බවට පාක්ස්ථාන අගමැතිවරයා කියා සිටිනවා. ට්රම්ප් ජනාධිපතිවරයා විසින් පාකිස්ථානයට ලබා දෙන ආරක්ෂක අරමුදල් ද කපා හැර තිබෙනවා.