සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.
දරුවෙකු පාසලට ඇතුළත් කරන බව පවසා ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් හත්ලක්ෂ අනූ දහසක් වංචා කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. පිළියන්දල සුවාරපොළ ශ්‍රී සරණතිස්ස මාවතේ අංක දහසයෙන් එක දරණ ස්ථානයේ පදිංචිව සිටි එස් ජයසිංහ යන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. 0112 67 35 93, 0112 67 35 71 සහ 0112 67 35 81 යන දුරකතන අංකවලට ඒ පිළිබඳ විස්තර ලබාදිය හැකියි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/13.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/14.jpg”]