සී.එන්.එන් මාධ්‍යවේදී ජිම් අකොස්තාට ඇමෙරිකාවේ ධවල මන්දිරයට යළි ඇතුළු වීමට ඉඩ ලබා දී තිබෙනවා.
ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමෙරිකා ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් සමග සිදු වූ සුළු වචන හුවමාරුවත් සමග මාධ්‍යවේදී ජිම් අකොස්තාව ධවල මන්දිරයෙන් ඉවත් කෙරුණා. සති දෙකකට පසු අධිකරණය ලබා දුන් අධිකරණ නියෝගයකට අනුවයි ඔහුට නැවතත් ධවල මන්දිරයට පැමිණීමට අවස්ථාව ලබා දී ඇත්තේ. මේ අතර ධවල මන්දිරයේ පවත්වන මාධ්‍ය හමු සදහා නව නීති රීති ද හදුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ අනුව සෑම මාධ්‍යවේදියෙකුටම එක් ප්‍රශ්නයක් පමණක් විමසීමට අවස්ථාව ලැබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.