අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් ක්රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.
මහනුවර නිත්යවෙල රග්බි ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල දෙකක් සමගින් ලකුණු 17 ක් ලබා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. ඒ වන විට පොලිස් කණ්ඩායමට ලබාගත හැකිවුණේ ලකුණු 10 ක් පමණයි. දෙවන අර්ධයේදී තරගයට පිවිසීමට පොලිස් ක්රීඩකයින් දැඩි උත්සාහයක නිරත වුණා. එහෙත් තරගය නිමා වන විට පොලිස් කණ්ඩායම ලකුණු 23 ක් ලබා ගනිද්දී මහනුවර කණ්ඩායම ලකුණු 32 ක් ලබා ගනිමින් ජයග්රහණය වාර්තා කළා.