පොදු රාජ්ය මණ්ඩලීය කරාතේ තරගාවලියට එක්වන මෙරට ක්රීඩක ක්රීඩිකාවන් සදහා විශේෂ පුහුණු සැසියක් කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්රීඩා පිටියේදී මේ දිනවල පැවැත්වෙනවා.
නව වන පොදු රාජ්ය මණ්ඩලීය කරාතේ තරගාවලියට ශ්රී ලංකා නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් විසි එක් දෙනෙකු එක්වන බව ජාතික කරාතේ සම්මේලනය සදහන් කරනවා. දකුණු අප්රිකාවේ ඩර්බන් නුවරදී තරගාවලිය ලබන 28 වනදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියට රටවල් 40 ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් එක්වනවා. ඔවුන් කාතා, කුමිතේ හා කණ්ඩායම් ඉසව් සදහා කාන්තා හා පිරිමි බරපන්ති 10 ක් යටතේ තරගවදිනු ඇති. නිමාවූ පොදු රාජ්ය මණ්ඩලීය කරාතේ තරගාවලියේදී ශ්රී ලංකාව දෙවන ස්ථානය දිනාගත්තා. මෙවර තරගාවලියට එක්වන ශ්රී ලංකා කණ්ඩායම මේ දිනවල විශේෂ පුහුණු සැසියක් සදහා එක්ව සිටිනවා.