fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 13:13

පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට හා නීතිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි පෙත්සම ගොනුකර තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ කතානායකවරයා , පාර්ලිමේන්තු මහලේකම්වරයා හා නීතිපතිවරයායි. අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සමින් ඉල්ලා තිබෙනවා. මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව පවතින තත්ත්වයේම පාර්ලිමේන්තුව තිබිය යුතු බවයි පෙත්සම්කරු ප්‍රකාශ කරන්නේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අඟහරුවාදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය ලබන 7 වනදා තෙක් බලපැවැත්වෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්