බෝපේ, පෝද්දල ප්‍රාදේශීය සභාව අද උණුසුම් වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු සභාපති පුටුවේ අසුන් ගැනීමත් සමගයි.
බෝපේ, පෝද්දල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් ප්‍රාදේශීය සභාවට අද පැමිණියේ කළු ඇදුමින් සැරසීගෙනයි. විරෝධතා පුවරුද ඔවුන් අත තිබුණා. එහිදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා සභාපති පුටුවෙහි අසුන්ගත්තේ තමාට බහුතරය ඇති බව පවසමින්. ඊට විරෝධය පළකළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ඔහු ඔසවාගෙන පිටතට රැගෙන ගියා. ඒ සමග දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුවුණා. මෙම තත්ත්වය මත සභාව පැයකින් කල් තැබීමට සභාපති දිල්රුක් අබේකෝන් මහතා කටයුතු කළා.