රුපියල් දෙලක්ෂ හැත්තෑ තුන් දහසක් වටිනා නීති විරෝධි දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවක ද වන බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
අද පෙරවරුවේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි සැකකරුවන් සතුව තිබී සොයාගත් දුම්වැටි ප්රමාණය පනස් හතර දහස් හත්සිය විස්සක්. එළඹෙන උත්සව සමයේ අළෙවි කිරිම සඳහා ඒවා රැගෙනවිත් ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා.