fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ විරෝධතාවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 400 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 11:09

ප්‍රංශයේ  විරෝධතාවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 400 දක්වා ඉහළට

ප්‍රංශය පුරා පැවැත්වෙන  විරෝධතාවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් ප්‍රංශ වැසියන් ආරම්භ කළ විරෝධතාව අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

දෙලක්ෂ අසූ දහසක පමණ පිරිසක් උද්ඝෝෂණවල නිරතව සිටින බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ස්ථාන දෙදහසක පමණ විරෝධතා  පැවැත්වෙනවා.  මේ හේතුවෙන් මාර්ග රැසක ගමනා ගමන කටයුතු අඩාල වී තිබෙනවා. විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් සහ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් හාරසිය දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. ඔවුන් අතරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් එකසිය පනස් හත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්