චීනය කියන්නේ ඍතු 4 ඇති කෝටි 137ක් පමණ දෙනෙක් ජීවත් වන විශාල භූමි ප්‍රදේශයක් බව ඔබ දන්නවා. ඒ වගේම චීනය ලොව විශාලම පළතුරු නිෂ්පාදන රට කියන්නත් පුළුවන්. චීනයේ වැඩිම පිරිස ආහාරයට ගන්න පළතුර තමයි, ඇපල්. එය තවත් ලෙසකින් කිව්වොත්, ඍතු 4හිම ඇපල් වගා කිරීමට ගොවියන්ට නොහැකි වුණත්, සෑම ඍතුවකම හිග නොවන පළතුරක් මේ ඇපල්. ඒ ගබඩා කිරීමෙන්. වසරකට චීනය නිෂ්පාදනය කරන ඇපල් ප්‍රමාණය ටොන් කෝටි 4 ඉක්මවනවා. නිෂ්පාදනය කරන බිම් ප්‍රමානය අනුව, කියනවනම් සමස්ත වගා භූමියෙන් ඇපල් වගා කරන භූමි ප්‍රමාණය සියයට 15ක්. දැන් මං මේ කියන්න යන්නේ, ඇපල් ගැන අහන්න අකමැති වුණත් තිත්ත ඇත්ත කතාවක්.
ඇපල් බොහෝ ගුණදායි පළතුරක්. ඒ වගේම බොහොදෙනෙක් ඉතාමත්ම කැමති පළතුරක්. නමුත්, ඔබ දන්නවද? මිනිස් පරිභෝජනයට සහ ශරීරයට නුසුදුසු බැර ලෝහ සහ පළිබෝධ නාශක අවශේෂ කොටස් 47ක් පමණ මේ ඇපල්වල ඇති බව, පසුගිය දිනක විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා. ආනයනික පළතුරු නිසා පළිබෝධ හා රසායනික පොහොර තුළ ඇති “කැඩ්මියම්” වැනි විෂ බැර ලෝහ රටින් රටට ප්‍රසාරණය වන බව සොයාගෙන තිබෙනවා. මහජන සෞඛ්‍ය සදහා ක්‍රියාත්මක පර්යේෂණ පදනමක් වන, ලොව පිළිගත් “පරිසර හිතකාමී සංවිධානය” සෑම වසරකදීම යුරෝපා වෙළදපළේ විකිනීමට ඇති පළතුරු සහ එළවළුවල වස විස පිළිබදව සොයා බැලීමක් සිදුකරනවා. ඔවුන් ඒ අනුව පසුගියදා , දූෂිතම පළතුරු සහ එළවළු වර්ග 12ක් තෝරා තිබෙනවා.
සෑම වසරකදීම වගේ මේ වර්ෂයේ සිදුකළ පර්යේෂණවලදීත් ඇපල් එම දුෂිතම ලේඛනයේ අංක 1ට පත්වී තිබෙනවා. ඔවුන් පර්යේෂණය සදහා භාවිත කළ ඇපල්වලින් සියයට 92ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවයි, කියා සිටියේ. කල්තබා ගැනීම සදහා “සිල්ව නයිට්ට්‍රේට්” එන්නත් කිරීම වගේම පිටතත් ගල්වනු ලබනවා. එවිට පළතුරු ඉතා දීර්ඝ කාලයක් සහ සජීවීව පවත්වා ගැනිමට හැකි බවයි, විශ්වාස කෙරෙන්නේ.
කෙසේ වුවත් “සිල්ව නයිට්ට්‍රේට්” කාලයත් සමඟ ශරීරගත වීම ස්නායු ආබාධ, මොළයට සිදුකරන හානිකර තත්වයන් හා පිළිකා වැනි රෝගකාරක රාශියකට ඉවහල් වන බවයි, පර්යේෂකයන් නවතම පර්යේෂණ මගින් සොයා ගෙන ඇත්තේ. ඇපල්වලට වෙළදපළේදී කල්තබාගැනීම සදහා පෝමලීන් ඉසිනු ලබනවා. ඔබ දන්නවාද කොපමණ විෂ සහිත වුවත්, කිරි කල්තබා ගැනීමටත්,මාළු, කරවල කල් තබා ගැනීමටත් මෙම පෝමලීන් භාවිත කරන බව.
මේ ඇපල් කල් තබා ගැනීමේ නවතම තවත් ක්‍රමවේදයක් තමයි, ආහාරයට ගත හැකි ඉටි වර්ගයක් එහි තැවරීම. මේ සදහා බහුල වශයෙන් භාවිතා කරනු ලබන්නේ මෝෆලීන් සහ ෆැරෆීන් නමින් හදුන්වන ඉටි වර්ග. මින් “මෝෆලීන්” යුරෝපා සංගමය විසින් තහනම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වසරකට කෝටි 20ක් පමණ ඇපල් අනුභව කරන රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන පළතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 42,000ක් පමණ වනවා. ඒ නිසා මේ තොරතුර ගැනත් ඔබ මොහොතකට හරි හිතන්න….