fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට සංවර්ධන ව්‍යාපෘති රැසක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 18:42

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට සංවර්ධන ව්‍යාපෘති රැසක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කළ සිරිසර පිවිසුම යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ක්‍රියාවට නැංවෙමින් පවතිනවා.පස්වසරක සැලසුමකට අනුව ක්‍රියාත්මක මෙම සංවර්ධන ක්‍රියාදාමය යටතේ වැඩ නිමකළ වැව්,මාර්ග සහ තවත් යටිතල පහසුකම් රැසක් ද මේ වනවිටත් ජනතා අයිතියට පත්කර අවසන්.අශෝක වීරසිංහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කළ සංචාරයකින් පසු ගෙන එන වාර්තාවක් දැන්.

අශෝක වීරසිංහ,

සිරිසර පිවිසුම ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එල්ලංගා පද්ධතියට අයත් වැව් ප්‍රතිසංස්කරණය කිරීම යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙනවා.ඒ අනුව 2017 වසරේ වැව් 24 ක් ප්‍රතිසංස්කරණය කළ අතර මේ වසරේ මුල් අදියරේ වැව් 25 ක් පිළිසකර කර ජනතා අයිතිය පත් කෙරුණා. දෙවැනි අදියර යටතේ මේ වනවිට වැව් 34 ක් ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.මේ ඉදිකිරීම් අවසන් කළ ජයන්තිපුර පොල්කටු වැව යි.මේ යටතේ ගොවිපවුල් 41 ක් කුඹුරු අක්කර 41 ක් වගා කෙරෙනවා.මෙම වැව ප්‍රතිසංස්කරණයට පෙර ජලය අක්කර අඩි 80 ක් රැදවිය හැකි අතර නව ප්‍රතිසංස්කරණයෙන් පසු ජලය අක්කර අඩි 110 ක් රැදවිය හැකියි.යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ කන්තලේ – පන්සල්ගොඩැල්ල පිටිය වැව ප්‍රතිසංස්කරණයට පෙර පැවතුණේ ජලය අක්කර අඩි 110 ක් පමණයි.ප්‍රතිසංස්කරණයෙන් පසු එහි ජලය අක්කර අඩි 138 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.මෙයින් යැපෙන ගොවි පවුල් සංඛ්‍යාව 161 ක්.කරුවල ගස් වැව ද මේ වනවිට වැඩ අවසන් කර ඇති අතර ගොවි පවුල් 160 ක් මෙයින් ප්‍රතිලාභ ලබනවා.කුඹුරු අක්කර 188 ක් මෙමගින් වගා කළ හැකියි.

පිටියවැව ගොවි සංවිධානය,

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එල්ලංගා වැව් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාත්මකයි.මෙම වැඩසටහන 2017 වසරේ ආරම්භ කළේ ගෝමරංකඩවලින්.

කර්නල් ප්‍රියන්ත දිසානායක,

මෙම වැව් පිළිසකර කිරීමේදී පාරම්පරික තාක්ෂණ දැනුම මෙන්ම නවීන තාක්ෂණය යොදා ගනිමින් පිළිසකර කිරීම විශේෂයි.

මේජර් සුමේධ බණ්ඩාර – වාරිමාර්ග ඉංජිනේරු,

ඉදිරි පස් වසර තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යෝධ සංවර්ධනයක් සිරිසර පිවිසුම ව්‍යාපෘතිය ඔස්සේ සිදු කරනවා.ඒ වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 5000 ක්.මෙම ඉදිකිරීම් තුළින් පැරණි එල්ලංගා පද්ධතිය සක්‍රිවනවා පමණක් නොව නව එල්ලංගා බිහිවීමද සුවිශේෂයි.මෙමගින් ගොවි පවුල් දහනව දහසකට සෙත සැලසෙනවා.ඉන් වගා කළ හැකි කුඹුරු අක්කර ගණන 42 000 කට අධිකයි.

බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස් – ඉදිකිරීම් අධ්‍යක්ෂ,

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්