ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් ලෙස ලෝකයට නව සාම නීතියක් හදුන්වාදීමේ විශේෂ වැඩසටහනක් ජාතික තරුණ සේවා සභාවේ දී පැවැත්වුණා. ලෝක සාම සංවිධානය සමග එක්ව ලෝක තරුණ සංවිධානයයි මෙම වැඩසටහන සංවිධාන කළේ.
යුද බියෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීම සදහා පවතින සාම නීතිය ප්‍රමාණවත් නොවීම නව සාම නීතියක් හදුන්වාදීමේ මූලික අරමුණ බවයි ලෝක සාම සංවිධානය පවසන්නේ. ඒ සදහා කලාපීය රටවල සහයෝගීතාව ලබා ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නව සාම නීතිය ස්ථාපනය කිරීම මෙම සංවිධානයේ අරමුණයි. ඒ සදහා කලාපීය රටවල රාජ්‍ය නායකයින්ගේ සහයෝගතාව ලබා ගැනීමට ලෝක සාම සංවිධානය බලාපොරොත්තු වෙනවා. ඉදිරි දිනකදි ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ද මෙම සාම කෙටුම්පත පිළිගැන්වීමට නියමිතය බවයි එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ප්‍රකාශ කළේ.