දෙවන ලෝක යුද සමයේ ජපානය ඕස්ට්‍රේලියාවට එල්ලකළ ඩාවින් ප්‍රහාරයෙන් මියගිය පිරිස සැමරීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ එක්වුණා.
ඩාවින් ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කිරිම සදහා ඒ වෙත පැමිණි පළමු ජපාන අග්‍රාමාත්‍යවරයා වන්නේ ද ෂින්සෝ අබේයි. 1942 වසරේ එල්ලකළ පළමු ප්‍රහාරයෙන් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිය ගණනක් තුවාල ලැබුවා. මිය ගිය පිරිස සිහිකිරීම සදහා ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ද එක්ව සිටියා. තමාගේ මෙම සංචාරය දෙරට අතර මිත්‍රත්වය පිළිබිඹු කරන්නක් බවයි ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළේ.