fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එළඹෙන 2019 නව වසර නිමිත්තෙන් ගංගාරම විහාරස්ථානයේ පින්කම් මාලාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 15:02

එළඹෙන 2019 නව වසර නිමිත්තෙන් ගංගාරම විහාරස්ථානයේ පින්කම් මාලාවක්

එළඹෙන 2019 නව වසර නිමිත්තෙන් හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ පින්කම් මාලාවක් සංවිධාන කර තිබෙනවා.

සියලු ලෝ වැසියන්ට සෙත් පැතීමේ අරමුණෙන් මෙම පින්කම් මාලාව සංවිධාන කර තිබෙනවා. ඒ වෙනුවෙන් දෙසැම්බර් 31 වනදින සෙත් පිරිත් සඡ්ඣායනයක් ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ස්වාමීන් වහන්සේ දෙදහසක් උදෙසා දානමය පින්කමක් පැවැත්වීමට ද නියමිතයි. ජනතාව සදහා ආධාර උපකාර කිරීමේ වැඩසටහනක් ද සංවිධාන කර තිබෙනවා. ගංගාරාම විහාරස්ථානය, කළුතර බෝධි භාරකාර මණ්ඩලය, ලෝක සාම සමුළුවේ මෙරට ශාඛාව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්වයි පින්කම් මාලාව සංවිධාන කරන්නේ. මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණා. පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස් මෙහිදී අදහස් පළකලා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්